අපේ කාලයේ පටාචාරා – Ape Kalaye Patachara

trailer

පූර්ව ප්‍රචාරක පටය

synopsis

කතා සාරාංශය

ජීවිතයේ යථාර්තය පිලිබඳ නිර්මාණාත්මක අයුරින් වර්තමාන සමාජය හා සමගාමීව බෞද්ධ සාහිත්‍යයේ අනුවේදනීය චරිතයක් වූ ‘පටාචාරා’ නම් තරුණියකගේ චරිතයක් පාදක කොට ලියවී ඇති සිනමා නිර්මාණයකි.

තම ආගම කුමක් වුවත් ඊට අනුකූල දිවිපෙවෙත තුලින් අනේකවිධ ගැටළු හමුවේ නොසැලී විසඳුම් සොයා ගත හැකි බව මෙම නිර්මාණය පසක් කරයි.

gallery
message

පණිවුඩ

“Ape Kalaye Patachara”
(Patachara - Here & Now)

ජගත් විශ්ව කුමාර

ජගත් විශ්ව කුමාර

නිෂ්පාදක

මගේ ජීවිතයේ වැඩි කාලයක් මා උපන් රටින් දුරස්ව දිවි ගෙවූවද මාගේ ශ්‍රේෂ්ට මාතෘ භූමිය කිසිවිටෙකවත් මා හට අමතක වූයේ නැත. එහි මහේශාක්‍ය ප්‍රෞඩ ඉතිහාසය, වටිනා සංස්කෘතිය සහ බෞද්ධ සාහිත්‍ය මා මිය යන තුරු රැක බලා ගනිමි.

බෞද්ධ සාහිතයේ එන පටාචාර කතා වස්තුව වෙනස්ම ආකාරයෙන් ‘අපේ කාලයේ පටාචාරා’ ලෙස අති දක්ෂ මෙන්ම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා තිර රචකයෙකු වන සුගත් සමරකෝන් මහතා විසින් තිර පිටපතකට නැගූ අවස්ථාවේ එය සිනමා කෘතියක් බවට පත්කරලීමට ඔහු හා එක්ව කටයුතු කිරීමට මා මෙහෙයවූයේ උක්ත මා තුල වූ දේශාභිමානයයි.

මේ වන විට මෙම දැවැන්ත සිනමා නිර්මාණයේ සියළු වැඩ අවසන්ව ඇති අතර ප්‍රේක්ෂක ඔබ අතරට පත්කිරීම සඳහා අපේක්ෂා පූර්වකව සිටිමි.

විවිධ තේමාවන් ඔස්සේ යමින් තවත් මෙවැනි අති දැවැන්ත සිනමා නිර්මාණ දයාබර ප්‍රේක්‍ෂක ඔබ හමුවට ගෙන ඒම අපගේ අභිප්‍රායයි. මෙම සිනමා නිර්මාණය රසවිඳ ඔබ අප වෙත ලබා දෙන ශක්තිය හා ධෛර්ය අප අගය කොට සළකමු.

සුගත් සමරකෝන්

සුගත් සමරකෝන්

අධ්‍යක්‍ෂක

අභිමානවත් ශ්‍රී ලාංකේය ඉතිහාසයට හා බෞද්ධ සාහිත්‍යට අනුව ‘පටාචාරා’, ‘කුවේණි’ හා ‘ඇහැලේපොළ කුමාරිහාමි’ යන එකිනෙකින් වෙනස් මගක් ගත් ස්ත්‍රී ඛේදවාචකයන් තිර රචනා කිරීමට මා හට සිත් පහලවිය.

විජය කුවේණි, ඇහැලේපොළ කුමාරිහාමි යන මවිසින් අධ්‍යක්‍ෂණය කරන ලද සිනමා නිර්මාණ නරඹන්නට අවස්ථාව ලද මාගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව හමුවට ‘අපේ කාලයේ පටාචාරා’ නම් දැවැන්ත සිනමා කෘතිය ගෙන ඒමට ලැබීම පිළිබඳව මා ඉමහත් සතුටට පත්වෙමි.

මෙම සිනමා නිර්මාණයෙන් පසුව තව දුරටත් ඉතිහාස කතාවන් රැගත් තේමාවන් ඔස්සේ නිර්මාණ ගෙන ඒමට මා බලාපොරොත්තු නොවන අතර ඔබගේ රස වින්දනය උදෙසා වෙනස්ම ආකාරයේ කතා තේමාවන් සහිත නිර්මාණ ඉදිරි අනාගතයේදී ඔබ වෙත රැගෙන ඒමට අදහස් කරමි.

එසේ හෙයින් මෙම ‘අපේ කාලයේ පටාචාරා’ නම් සොඳුරු නිර්මාණය නරඹන ලෙසට ගෞරවපූර්වකව මගේ හිතවත් ප්‍රේක්‍ෂක ජනතාවට ආරාධනා කර සිටිමි.

gallery-two
get-connected

GET CONNECTED

TWITTER

FOLLOW US ON TWITTER

FACEBOOK

JOIN THE CONVERSATION

YOUTUBE

VIEW EXCLUSIVE VIDEOS